Sunday, February 5, 2012

ඉන්දීය ක්‍රීඩක යුවරාඡ් සිං ට පිළිකාවක්‌....


සුපිරි ඉන්දීය ක්‍රිකට්‌ ක්‍රීඩක යුවරාඡ් සිංට පිළිකාවක්‌ වැළඳී තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටියිග එම වාර්තාවන් වලට අනුව යුවරාඡ් සිංට වැළඳී ඇත්තේ පෙණහලු ආශ්‍රිත පිළිකාවක්‌ වන අතර එම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හෙතෙම මේ දිනවල ඇමරිකා එක්‌සත් ජනපදයට ගොස්‌ තිබෙන බවද සඳහන් වේ.

පසුගිය ජනවාරි මස 26 වැනිදා ඇමරිකාව බලා ගොස්‌ ඇති යුවරාඡ්ගේ පිළිකාව හෘර්ධය වස්‌තුව සහ පෙණහැල්ල අතර පිහිටා තිබෙන බවද සඳහන් වන අතර එහිදී ඔහුව රසායන චිකිත්සාවකට භාජනය කිරීමට නියමිතව තිබේ.

දැන් ඔස්‌ටේ්‍රලියාවේදී ක්‍රියාත්මක වන තුන්කොන් ක්‍රිකට්‌ තරගාවලිය සඳහා යුවරාඡ්ව නම් නොකර ඇත්තේ මෙම හේතුව නිසා බවද දැන් අනුමාණ කෙරේග එමෙන්ම ඔහුට ලබන මාර්තු මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සහ අප්‍රේල්-මැයි මාසවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීමේ අවස්‌ථාව අහිමි වනු ඇත.

ප්‍රංශ පාපැදි සවාරියේ හත් වරක්‌ම දිනා ගනිමින් ප්‍රකට පාපැදි ශූරයකු බවට පත්ව සිටින ලාන්ස්‌ ආම්ස්‌ට්‍රොaන්ටද මෙවැනිම ආකාරයේ පෙණහලු පිලිකාවක්‌ වැළඳී තිබුණද ඔහු දිගින් දිගටම සිය ක්‍රීඩා කටයුතුවල නියෑලුණේයග මෙහිදී පසුගිය මාස කිහිපයේදී යුවරාඡ් විසින් ආම්ස්‌ට්‍රොaන් පිළිබඳව සහ ඔහු විසින් ලියන ලද ග්‍රන්ත පිළිබඳව විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර සිටියි.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 37 කට සහ එක්‌දින තරගය 274 කට දායකත්වය ලබා දී ඇති යුවරාඡ් එහිදී පිළිවෙළින් ලකුණු 1775 ක්‌ සහ 8051 ක්‌ ලබා ගැනීමට සමත්ව සිටියිග එහිදී ටෙස්‌ට්‌ ශතක 3 ක්‌ සහ අර්ධ ශතක 10 ක්‌ද එක්‌දින ශතක 13 ක්‌ සහ අර්ධ ශතක 49 ක්‌ ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වේග

පන්දුවෙන්ද දස්‌කම් දක්‌වා ඇති හෙතෙම ටෙස්‌ට්‌ තරග වලදී කඩුලු 9 ක්‌ සහ එක්‌දින තරගවලදී කඩුලු 109 ක්‌ බිඳ හෙළා තිබේග හෙතෙම ඉන්දීය කණ්‌ඩායම ශූරතාව දිනා ගත් ඉකුත් 2011 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනා ගැනීමට සමත්වූවේයග අප්‍රේල් 02 වැනි දින මුම්බායිහිදී පැවැති අදාළ තරගයෙන් අනතුරුව යුවරාඡ් සිං එකම එක්‌දින තරගයකට හෝ සහභාගි නොවීමද විශේෂත්වයක්‌ වේ.


No comments:

Post a Comment